(රංජිත් කරුණාවීර)
මහියංගනය පූජා නගරය ආසන්නයෙන් මහවැලි ගඟට පැන්න තරුණයක් පොලිසිය සහ ගම්වාසීන්ගේ සහයෙන් කිලෝ මීටර් දෙකක් පමණ දුරට ගොන් නිරුපද්‍රිතව බේගෙන ඇත.
ඉකුත් දිනවල පැවැති වර්ෂාව හේතුවෙන් ගඟ තරමක් ප්‍රචන්ඩව තිබූ අතර කඹ ආධාරයෙන් තරුණයා බේරාගත්තේය.
මෙම තරණයා විල්ලුව ප්‍රදේශයේ පදිංචිකරවක් වන අතර තරමක් මතට ඇබ්බැහි වූවකු බව ද පොලිසිය කියයි.
මෙම තරුණයගේ හිතවතකු හදිසියේ මියගොස් ඇති අතර එම අවමගුලට සහභාගී වී ඒ ආසන්නයෙන් ගලා බසින මහවැලි ගඟට පැන ඇතැයි ද පොලිසිය කියයි.
අවස්ථා කීපයකදී උත්සහ කර මෙම තරුණයා බේරාගත් බව පොලිසිය කියයි.