(අංජුල මහික වීරරත්න)
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මහානායක චාරිකාරාමයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට අයත් කොළඹ 07, විජේරාම මාවතෙහි පිහිටි චාරිකාරාම ගොඩනැගිල්ල මහානායක ස්වාමීන් වහන්සේලා කොළඹට වැඩම කරන අවස්ථාවලදී නවාතැන් පහසුකම් සලසා ගැනීම සඳහා භාවිත කරනු ලබයි.
මෙම ආරාමයේ පොදු පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නාවික හමුදා ශ්‍රම දායකත්වය යටතේ ප්‍රතිසංස්කරණ කටයුතු 2021 වර්ෂයේ ආරම්භ කර ඇත.
වෙළෙඳ පොළ තුළ අමුද්‍රව්‍ය මිල ඉහළ යාම සහ හඳුනාගත් අමතර කාර්යයන් ඇතුළත් කිරීමට සිදුවීම හේතුවෙන් ආරම්භක පිරිවැය ඇස්තමේන්තුව සංශෝධනය කළ යුතුව තිබෙන බව රජය පවසයි.
ඒ අනුව අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වන ඇස්තමේන්තුව රුපියල් මිලියන 86.97 ක් ලෙස සංශෝධනය කිරීමටත්, 2024 වර්ෂය සඳහා අවශ්‍ය අතිරේක ප්‍රතිපාදන රුපියල් මිලියන 31.86 ක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව වෙත ලබා ගැනීම පිණිසත් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.