(ගයාන් සූරියආරච්චි )
මාතර,නාවිමන,රුවන්වැල්ල ප්රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර කැකණදුර ප්රදේශයේ පදිංචි අවුරුදු 26 ක පුද්ගලයෙකු සහ මාතර තොටමුණ ප්රදේශයේ පදිංචි අවුරුදු 29 ක පුද්ගලයෙකි.
මාතර, නාවිමන, රුවන්වැල්ල ප්රදේශයේ දී ඉකුත් 15 වැනිදා පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර තිබුණි.
එම ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පැදවූ පුද්ගලයා සහ ඔත්තු බැලූ පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා මාතර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.