මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට හොඳම යෝජනා ඉල්ලයි


එදිනෙදා සිදුවිම් මාධ්‍ය සඳහා නිකුත්  කිරිමට හොඳ විදිමත් වැඩපිළිවෙළක් තමා වෙත ලබා දුන් පසු ඊට අනුමැතිය දෙන බව  නීතිය හා සාමය, හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවැසිය.

පොලිස්පති සහ අමාත්‍යාංශ ලේකම් සමග සාකච්ඡා කැර කළ යුතු හොඳම ආකාරය තමා වෙත යෝඡනා සහිත වාර්තාවක් ඉදිරිපත් කල පසු අනුමැතිය ලබාදෙන බවද රත්නායක මහතා කීවේය.

  පොලිසිය  මාධ්‍ය සදහා ප්‍රකාශ ලබාදෙන ආයතනයක් නොවන බවත් ඒ සදහා පොලිස් නිලධාරින් පුහුණු වී නැති බවත් පොලිසිය ඇත්තේ නිතිය හා සාමය රැකීමට බවත් එනමුත් එදිනෙදා සිදුවීම් මාධ්‍ය වෙත ලබා දීම ඉතා හොද කටයුත්තක් බවත් ඔහු කීවේය.