මාධ්‍යවේදිනිය පොලිස් මූලස්ථානයට කැඳවයි


පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා පසුගිය 18වැනිදා මාධ්‍ය සාකච්ඡාවකදී කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට ලංකාදීප මාධ්‍යවේදිනී ඉන්දිකා රාමනායක පොලිස් මූලස්ථානයට කැඳවා ඇත.

පරීක්ෂණය පවත්වන නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහතාගේ කැඳවීම අනුව ඇය එහි ගියාය.