මානව හිමිකම් ලෙඩේ යළි ඇදෙයි


වද හිංසා පැමිණවීම සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ  එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් දෙදෙනාගේ ශ්‍රී ලංකා සංචාරයේ නිරීක්ෂණ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

යුද ගැටුම් පැවති සමයේ සිදුවූ වධ හිංසා හා සාපේක්ෂව බැලීමේදී ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ගැන සතුටු විය හැකි වුවද එම කාලයේදී සිදුවී යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සදහා අධිකරණ පද්ධතිය ශක්තිමත් කළ යුතු බවද මෙම විශේෂ නියෝජිතයෝ පෙන්වා දුන්හ.