බුද්ධික ජයරත්න කැමතිම නිළිය මාලනී ෆොන්සේකා බව අප කිව්වා. ඒ සඳහා හේතුව මෙහෙමයිලු
ඉතාමත් තරැණ අවධියේ සිට සිනමාවට පිවිසිලා අද වනවිට සිනමාවේ නිළි රුජනවෙලා තියෙන්නේ ඇය සතු හැකියාව සහ දක්ෂතාවය මත වීම. මොකද ඇයට සිනමාවට එන්න ඇයගේ පරම්පරාවේ සිනමාව තුළ කවුරැත් හිටියෙ නෑ. නමුත් ඇය උපතින්ම අරන් ආව හැකියාවක් තිබුණා.
ඇයව කලාත්මක සිනමාවට වගේ වාණිජ සිනමාවටත් එක සේ ගැළපුණා, ඇයගේ පෙනුම වගේම රඟපෑම. තව විදියකට කියනවා නම් ඇය රඟපෑෙම් විද්‍යාව ඉතාමත් හොඳින් තේරැම් ගත්තා. මට මතකයි ඇය රඟපෑ චිත්‍රපටවල ඇය අඬද්දී මටත් ඇඬුණා. ඇය සතුටු වෙද්දි මගේ හිතටත් සතුටක් ආවා. ඒ වගේම පෙම් ජවනිකා රඟපාද්දි ඒක මටත් දැනුණා. ඉතින් ඇය තමයි සර්වකාලීන නිළි රුජන.
අනූෂා රණසිංහ / සේයාරූ | FB