මෝටර් රථයකින් ඉංගිරිය රෝහල අසල වෙළඳසලකට ආ දෙදෙනෙක් පිස්තෝලයක් එල්ල කර කඩහිමිකාරියගේ රන් මාලය කොල්ල කා පළා යාමට උත්සාහ කිරීමේදී අසල්වැසියන් එකතුවී ඔවුන් දෙදෙනාට පහර දී පොලිසියට බාරදි ඇතැයි පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගත කරනු ලැබ සිටී.
ඔවුන් පැමිණි මෝටර් රියේ තිබී ව්‍යාජ අංක තහඩු හා කිනිස්සක් සොයාගත් බවද පොලිසිය පවසයි.