මාස හතරක් කටුනායක ගුවන් ගමන් රෑට පමණයි


කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් ලබන වසරේ ජනවාරි හයවනදා සිට අප්‍රේල් හත දක්වා වු කාලයේ රාත්‍රියට පමණක් සිදුකිරිමට සැලසුම් කර ඇතිබව ගුවන්තොටුපළ ආරංචි මාර්ග පවසයි .. 

ප්‍රධාන ධාවන පතයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් උදෑසන අටයි තිහේ සිට පස්වරු හතරයි තිහ දක්වා වු කාලය තුල බණ්ඩාරනායක ජාත්‍යනතර ගුවන් තොටේ ගුවන් ගමන් සිදු නොකෙරෙන  අතර එම කාලයයේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොට පාවිච්චි කරන බව දැනගන්නට ඇත.