මාළු තහනමෙන් පෞද්ගලික අංශය කරවල වෙයි


රාජපක්ෂ පාලන සමයේ යුරෝපා කොමිසමෙන් පැනවූ මත්ස්‍ය තහනම නිසා මාළු රට යැවූ පෞද්ගලික ආයතන 35-40 ක් වැසී ගිය බව ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.
විශාල පිරිසක් ධීවර කර්මාන්තයෙන් ඉවත්වූ බවත් දළ වශයෙන් වසරකට රුපියල් මිලියන 4000 ක් පමණ අහිමි වූ බවත් ඔහු කීවේය.