මාළුවා ඒරෝප්පෙන් ලංකාවට රට සල්ලි අදී


යුරෝපා සංගමය මත්ස්‍ය අපනයන සඳහා මෙරටට පනවා තිබූ තහනම ඉවත් කිරීමෙන් පසු ජූනි 22 වැනි දා සිට 29 වැනි දා දක්වා ගත වූ සතියේදී මත්ස්‍ය ටොන් 78ක් යුරෝපා සංගමයට අපනයනය කිරීමට හැකි වූ බව අපනයනකරුවෝ පවසති.

යුරෝපා සංගමයට අයත් රටවලට මත්ස්‍ය අපනයනයේ ප‍්‍රගතිය සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් පැවසීය.

සතිය තුළ වාර 96 කදී මත්ස්‍ය ටොන් 78 යුරෝපා සංගමයට ආනයනය කිරීමට හැකි වී ඇත. මත්ස්‍ය තොග අපනයනය කිරීම සමාගම් 13ක් ඔස්සේ සිදු කර ඇත. මෙලෙස අපනයන කරන ලද  මසුන්ගෙන් බහුතරය ටූනා මසුන් වන අතර තෝරා, ඉස්සෝ හා පොකිරිස්සෝද වෙති.

යුරෝපා සංගමය මෙරට මත්ස්‍ය අපනයනය සදහා තහනම පනවා තිබු කාලය තුළ මෙරටට අහිමිවු මුදල රුපියල් කෝටි 1600කි. යළිත් යුරෝපා සංගමයේ මත්ස්‍ය වෙළෙඳපොළට මසුන් අපනයන කිරීමට හැකි වීම රට ලැබු සුවිශල් ජයග‍්‍රහණයක් බව ද අමාත්‍යවරයා එහිදි පෙන්වා දී ඇත.