මැදරට ගුරුවරු හිඟ වැටුප් ඉල්ලති


ගුරු වැටුප් වර්ධක,උසස් වීම් හා විශ්‍රාම වැටුප් නොදීමට එරෙහිව විරෝදය පල කර මහනුවර දිස්ත්‍රික් ගුරුවරුන් මධ්‍යම පළාත් මහනුවර  අධ්‍යාපන දෙපාර්තුමේන්තුව ඉදිරිපිට දී අද (23) උද්ඝෝෂණයක නිරත වූහ.

2014 ඔක්තොම්බර් මස 23 වෙනිදා ඉදිරිපත් කල නව ගුරු ව්‍යවස්ථා සංශෝදනයට අනුව උසස්වීම් හිඟ වැටුප් ලබා දීම කඩිනමින් සිදු කළ යුතු වුවත් මධ්‍යම පළාත තුළ මේ දක්වා නිසි ආකාරයෙන් සිදු නොවී ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටර්ලින් මහතා පැවැසිය.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා විසින් හිඟ වැටුප් සදහා මුදල් ප්‍රතිපාදන වෙන් කළ බව පැවැසුවත් මේ වන විට එම මුදල් ගුරුවරුන්ට නොලැබුන බවත් පසුගිය රජය මෙන්ම වත්මන් රජය ද ගුරු ඉල්ලිම් කෙරෙහි අවධානය යොමු නොකරන බවත් ඔහු පැවැසිය.

23-03-2016-guru-udgosanaya-1 23-03-2016-guru-udgosanaya-2