ඉකුත් මාර්තු මාසයේදී මෙරටට විදෙස් සංචාරකයින් 192,841 ක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.
එය 22.8%ක වර්ධනයක් බවද මාර්තු මාසයේ දී වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එය 30,170 ක් ලෙසින් වාර්තාවේ. එය 38.2%ක වැඩිවීමකි.ඉකුත් මාසයේදී චීන සංචාරකයින් 19,645 ක් මෙරටට පැමිණ ඇති අතර එය 40%කින් වැඩි වී තිබේ.
බටහිර යුරෝපා සංචාරකයින් 69,972 ක් ද, එක්සත් රාජධානියෙන් 44,813 ක්ද පසුගිය මාර්තුවේදී දිවයිනට පැමිණ ඇත.