මැයි සෙනග අදින්න බස් 4000ක් : ලංගම නිවාඩුත් අවලංගුයි


මැයි දින රැලිවලට යාම සඳහා ඒකාබද්ධ විපක්ෂය හැර සෙසු පක්ෂ ලංකා ගමනාගමන මණ්ඩලයෙන් කුලියට බස් 4000ක් පමණ ඉල්ලා ඇති හෙයින් ලංගම සේවකයන්ගේ නිවාඩු අද (28) සිට ලබන 3 වැනිදා දක්වා අවලංගු කර ඇත.

කලින් මුදල් ගෙවීමේ පදනම මත බස් වෙන් කරන බවත් අද වන විට 70%ක් පමණ මුදල් ගෙවා ඇති බවත් ලංගමය කියයි.

ඒකාබද්ධ විපක්ෂය පෞද්ගලික බස් කුලියට ගැනීමට යතියි දැනගන්නට ඇත.