මිතුරාගේ වියෝවේ සොව බෙදා ගන්න මෛත්‍රී මැති සබයේ


හිටපු මන්ත්‍රී  එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ ශෝකප්‍රකාශ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන ජනපති සිය ශෝකය පළ කරමින් මිනිත්තු 12 ක් කතා කළේය. ගුණවර්ධන මහතා ජනතා හදවතේ ගැස්ම හොඳින් හඳුනාගෙන සිටි නායකයෙකු බවත් ඔහුගෙන් අපට ඉගෙන ගත හැකි දේ බොහෝ බවත් ජනපති කීවේය.

මන්ත්‍රීවරයෙකුගේ ශෝකය පළ කිරීමේ දී ජනපතිවරයෙකු සහභාගී වූ මුල්ම අවස්ථාව මෙයයි.

හිටපු ඇමැති ජනරාල් අනුරුද්ධ රත්වත්තේගේ ශෝක ප්‍රකාශය යෝජනාව අවස්ථාවේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ සිටි නමුත් කතා කළේ නැත.