මියන්මාරයේ පතලක් කඩා වැටී 113 ක් මරුට


මියන්මාරයේ උතුරු දිග ජේඩ් පතලක සිදුවූ  නායයෑමකින් මියගිය 113 දෙනකුගේ සිරුරු සොයාගෙන ඇතැයි බලධාරීහු පවසති.
 
 කචින් ප්‍රාන්තයේ හපකන්ට් ප්‍රදේශයේ පතලක මෙම අනතුර සිදුව තිබේ.
 
 බොහෝදෙනකු අතුරුදන්ව ඇති අතර මුදවා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බවත් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහල යාමට ඉඩ ඇති බවත් සඳහන් වේ.
 
 ආපදා අංශ පවසන්නේ අධික වර්ෂාව හේතුවෙන් නායයෑම හටගෙන ඇති බවයි. අනතුරු ඇඟවීම් සිදුකර තිබුණ ද සමහර පුද්ගලයින් එය නොතකා සේවයේ යෙදී ඇත.
 
හපකන්ට් යනු ලොව විශාලතම ජේඩ් පතල් පිහිටි ස්ථානයයි.මෙම පතල්වල අනතුරු රාශියක් සිදුවී තිබේ.
 
පතල් කැණීම් වලදී සිදුවූ අනතුරු වලින් පසුගිය වසරේ පමණක් 100කට වැඩි පිරිසක් මියගොස් ඇත.2015 වසරේදී කචින්හි ජේඩ් පතලක සිදුවූ නායයෑමකින් 90 දෙනකු පමණ මිය ගියේය.
 
 
(බීබීසී ඇසුරිණි - 085)