මීගහතැන්නේ අනතුරින් කතක් මරුට:11 රෝහලට


(ප්‍රේමතිලක පෙරමුණ සහ ලක්මි කුඩලිගම)

මතුගම - මීගහතැන්න මාර්ගයේ මීගහතැන්න ගල්මුල්ල ප්‍රදේශයේ දී අද (16) අළුයම සිදුවු රිය අනතුරකින් හැත්තෑ හැවිරිදි කාන්තාවක් මිය ගොස් තවත් එකොළොස් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව මීගහතැන්න පොලිසිය කියයි.

හබරකඩ ප්‍රදේශයේ පිරිසක් තම පුත්‍රයකු විදේශ ගතවිම සදහා ගුවන්තොටුපලට ඇරලවා ආපසු එමින් සිටියදි අද අළුයම 5 00 ට පමණ ඔවුන් ගමන්කළ වෑන් රථයේ රියදුරුට නින්දයාමෙන් වෑන් රථය පාරෙන් ඉවතට පැන උඩුකුරුව පෙරලිමෙන් එහි ගමන්කළ පිරිස තුවාල ලබා ඇතැයි ප්‍රදේශවාසින් කියති.

තුවාල ලැබු භික්ෂුන් වහන්සේ නමක් ඇතුළු පිරිස මීගහතැන්න රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රථිකාර සදහා කළුතර නාගොඩ මහ රෝහලට මාරු කර යවා ඇත. සිද්ධිය පිළිබඳ මීගහතැන්න පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.