මුසම්මිල් යළි රිමාන්ඩ්


පොදු දේපළ පනත යටතේ ජනපති කාර්යාලයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියකට ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ලබන 27 දක්වා යළි රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (13) නියෝග කළාය.

විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කර තිබූ ලිඛිත ඇප ඉල්ලුම් පත්‍රය අද ප්‍රතික්ෂේප කළ අධිකරණය පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගත් සැකකරු දිගින් දිගටම රිමාන්ඩ් භාරයේ සිටින බැවින් කඩිනමින් විමර්ශන සිදුකර අවසන් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.

IMG_8019 IMG_8020 IMG_8029