මුහුද හුරා කෑමට ජයලලිතාත් විරුද්ධ වේ


මුහුද හුරාගෙන කෑමේ ධීවර පන්න ක‍්‍රමය තහනම් කරන්නැයි තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් මහත්මිය ඉන්දීය මධ්‍යම රජයෙන් කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජයේ සතුටට හේතු වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (02) පැවැසීය.

අන්තර්ජාතික සම්මත අනුව කටයුතු කිරිමට තමිල්නාඩු මහ ඇමතිනිය ගත් තීරණය අගය කරන බවත් ඉන්දීය මධ්‍යම රජය ද මහ ඇමැතිනියගේ ඉල්ලීමට එකඟ වෙමින් ධීවර පන්න ක‍්‍රමය තහනම් කිරීමට කටයුතු කරනු ඇතැයි ද අමරවීර මහතා තවදුරටත් කීය.