මුහුදු වැදි පරපුරත් සාම්පුර් බලාගාරය එපා වෙයි


සාම්පුර් ගල් අගුරු තාප බලාගාරය ඉදි නොකරන ලෙස එහි සන්තෝෂපුරම් හි  ලංකා අයිතිවාසිකම් පිළිබඳ සංවිධානය අද (07) උද්ඝෝෂණයක් කළේය. බලාගාරය ඉදිකළ හොත් ලී කැපිමට,මී කපා ගැනිමට හා දඩයමට වනාන්තර නැති වෙතියි මුහුදු වැදි පරපුරෙන් පැවත එන ආදිවාසිහු කියති. දැනට එවැනි පවුල් 50 ක පමණ සාමාජිකයෝ එම ප්‍රදේශයේ ජිවත් වෙති. උද්ඝෝෂණය මෙහෙය වුයේ හරිත ත්‍රිකුණාමල සංවිධානයයි. ලංකා අයිතිවාසිකම් පිළිබඳ සංවිධානයේ දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රී කේ.නාගේෂවරන් මහතාට ලිපියක් ද බාර දුන්හ. එය ජනපතිට ඉදිරිපත් කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියේය.