මෙගාවොට් 55 ක් පෞද්ගලික අංශයෙන් : බිල වැඩි නොවේ


පෞද්ගලික අංශයෙන්  මෙගාවොට් 55 ක විදුලිය මිල දී ගැනීමට ඇමති මණ්ඩලය තීරණය කළ බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා කියයි.

මේ සඳහා තරඟකාරී මිල ගණන් කැඳවා අඩුම මිලට ලබා ගැනීමට ඇමති මණ්ඩලය තීරණය කර ඇත. ළඟදීම මේ සඳහා ටෙන්ඩර් කැඳවීමට යයි. මේ නිසා විදුලි ගාස්තු වැඩි නොකරන බව ද ඔහු පවසයි.

මේ තීරණ ගෙන ඇත්තේ විදුලිය බිඳ වැටීම සඳහා රජය පත් කළ කමිටුවේ නිර්දේශ මතය.

Ajith-P-Perera

ඡායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද