මෙට්‍රෝබස් සේවාව හෙට සිට තවත් ව්‍යාප්ත වේ


(නිමල කොඩිතුවක්කු)

කොළඹ නගරය පුරා මෙට්‍රෝ බස් සේවාව හෙට (29) සිට ව්‍යාප්ත කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ඒ අනුව දැනට ක්‍රියාත්මක මාර්ග 2ට අමතරව තවත් මාර්ග 5 ක් ඔස්සේ අද සිට මෙට්‍රෝ බස් ධාවනයට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම වැඩසටහන යටතේ බස් රථ 121ක් සේවයට එක්කරන බවද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.