බොහෝ අය කැමති තම පවුලේ උදවියත් සහ සැමියා බිරිඳ මේ කියන බැඳීම් එක්ක අවුරුදු සමරන්න. නමුත් එවැනි දෙයක් කිරීමට සමහරවිට බැරි වෙනවා. එවැනි කෙනෙක් තමයි ලෝචනා ඉමාෂි කියන්නේ. මොකද එයාගේ ස්වාමි පුරුෂයා ඉන්නේ රට නිසා. මේ පිළිබඳව ඇය අපත් සමග මෙසේ කීවාය.
මේ අවුරුද්දේ මගේ හස්බන්ඩ්ට නම් ලංකාවට එන්න විදිහක් නෑ. මමයි අපේ ගෙදර කට්ටියයි මේ අවුරුද්දෙ හිතාගෙන ඉන්නෙ මගේ හස්බන්ඩ්ගෙ මහගෙදර ගිහින් එයාගෙ අම්මලත් එක්ක අවුරුද්ද සමරන්න. එදාට එයාගේ අයියලා මල්ලිලා ඔක්කොම මහගෙදරට එනවා. ඉතින් අපි අපේ ගෙදර අවුරුදු චාරිත්‍ර ඉටුකරලා ඊට පස්සේ එහෙ යනවා.
අලුත් අවුරුද්දෙ චිත්‍රපටයක් බාර අරන් තියෙනවා. ටෙලි නාට්‍ය කිහිපයකුත් තියෙනවා. මේවා බාර ගනිද්දී කාලය බලන්නත් ඕනෙ. මොකද මගෙ හස්බන්ඩ් පිටරට ඉන්න නිසා මම එහෙ යන්නත් ඕනෙනෙ. ඉතින් ඒ හැම දෙයක්ම බලලා තමයි මම නිර්මාණ තෝරගන්නේ.
"ඇත්තටම මම මගේ රසිකයන්ට කියන්නේ මෙතෙක් කල් අපි හැමෝටම මොන ප්‍රශ්න ආවත් හොඳින් ජීවත් වුණා වගේම, අලුත් අවුරුද්දෙත් එන ප්‍රශ්නවලට හොඳින් මුහුණ දීලා සතුටින් ඉදිරියටම යන්න කියලයි."
කුෂි