මෛත්‍රීගේ මෛත්‍රිය අරණායකටත්


අරණායක, එළගපිටිය ප්‍රදේශයේ සිදු වූ නාය යාමෙන් විපතට පත් ජනතාව පිළිබඳ සොයා බැලීමට  ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) දහවල් එම ප්‍රදේශයට ගියේය.

අවතැන් වූ ජනතාව රඳවා සිටින අරණායක දික්පිටිය රාජගිරිය විද්‍යාලය වෙත සහ හත්ගම්පළ විද්‍යාලයට ද ගිය ජනපති ඔවුන්ගේ අඩු පාඩු විමසා බැලීය. 

විපතට පත් ජනතාව ගලවා ගැනීමේ කටයුතු සහ අවතැන්වූ ජනතාවගේ සුබසාධන කටයුතු වෙනුවෙන් රජය ඉතා වගකීමෙන් කටයුතු කරන බව ජනපති එහිදී කීවේය.

msaranayaka_2016518 msaranayaka_20165182 msaranayaka_20165183 msaranayaka_20165184

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය