මොන සුර ලොවින් ලැබුණ ද මේ මැණික් ටික


කරදර කම්කටුලු මැද වුව මැකෙන           දුක

මවු - පිය පැතුම් ඉටුවී හද මැවුන           නෙක

එළඹුන විටදි හෙට දින ඔප කරන             ලක

මොන සුර ලොවින් ලැබුණද මේ මැණික්    ටික

පද: ආරියසේන හඳුවල

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම රෝහලේ දී සිවු නිවුන් දරු උපතක් සිදු වූ බව පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් ඇන්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

පුත්තලම පාලවිය කරඹ මුස්නියාපුරම් 24 හැවිරිදි තරුණ මවක  ඇගේ ප්‍රථම දරු ප්‍රසුතියෙදීම මෙසේ සිව් නිවුන් දරුවන් බිහි කිරීම විශේෂීත සිද්ධියකි.

සිසේරියන් සැත්කමින් ඇය බිළිදකු හා බිළිදියන් තිදෙනකු මෙසේ බිහි කළ බව වෛද්‍ය සුමිත් ඇන්ටන් ප්‍රනාන්දු මහතා කියයි .

පුත්තලම මූලික රෝහල් ඉතිහාසය තුළ පළමු සිව් දරු නිවුන් උපත මෙය බව රෝහල් අධ්‍යක්ෂ වරයා පවසයි.