යකඩ ඇතා මාස 5 ක් ගේ උඩ


මාතලේ පල්ලේපොල ප්‍රාදේශීය සභාවට අයත් බැකෝ යන්ත්‍රයක් 2015.12.15 දින   පල්ලේපොල කොබ්බැ වැහැර ප්‍රදේශයේ දී කන්දක් පහලක ට පෙරලි පහල තිබු නිවසක් මතට පෙරලි තිබිණි. නිවසේ සිටි කුඩා දරුවන් 3ක් සහ මව පදිංචිව සිට ඇත.එදින  ප්‍රාදේශීය සභාවේ ලේකම් යු .එච් .ආර් .කේ .කපුකොටුව මහත්මිය පැමිණ මේ පවුලට කඩිනමින් නව නිවසක් හදා දෙන බවත් පවසා එතෙක් තාවකාලිකව එම පවුලේ පිරිස පුස්තකාල ගොඩනැගිල්ලේ පදිංචි කරවා ඇත.

එදා සිට මේ දක්වා ප්‍රාදේශීය සභාවෙන් නිවාසය සාදා නොදී ඇති අතර නිවස මතට වැටි ඇති බැකෝව ඉවත්කරගෙන නැති බව නිවසේ හිමිකාරිය වන ශියානි පුෂ්පලතා දිසානායක මහත්මිය කියයි .මේ පිළිබඳව විමසීමට යද්දී ලේකම්වරිය පිළිතුරක් නොදී මුදල් නැති බව පවසන බව ඇය  කීවාය .

මේ පිළිබඳව පල්ලේපොල  ප්‍රාදේශීය සභාවේ ලේකම් යු.එච්.ආර්.කේ. කපුකොටුව මහත්මිය ගෙන් විමසීමක් කළ විට ඇය පැවසූයේ බාකෝ යන්ත්‍රය ඉවත් කිරීමට ඒ සඳහා වන ඉංජිනේරුවරුන් ගෙන්වීමට අවශ්‍ය බවත් කාර්යයබහුලත්වය නිසා ඔවුන්ට කතා කිරීමට කාලය නොමැති බවත්ය.

“අපි මේ සම්බන්ධව වැඩ නොකර ඉඳල නෑ. බැකෝ එක වැටුන දවසේ ඉඳලා ඒ ගැන ලිපි ගොනුවක් පවත්වාගෙන ආවා. මාධ්‍යට ඕනනම් ඇවිත් ඒක බලන්න පුළුවන්” යනුවෙන්ද ඇය පැවසුවාය

niwasa-mathata-01 niwasa-mathata-02 niwasa-mathata-03 niwasa-mathata-04