'ෆෙයාර් ඇන්ඩ් ලවිලි' වෙළෙඳ දැන්වීම් හරහා ලාංකිකයන් අතර වඩාත් ජනප්‍රිය වූ යමී ගෞතම්ට ඉදිරියේදී නිර්මාණය කරන 'රේස්' තුන්වැනි චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය ලැබී තිබෙන බව සඳහන්. මෙහි ඇය ජනප්‍රිය ඛාන් නළුවෙකු වන සායිෆ් අලී ඛාන් සමගින් රංගනයෙන් දායකවීමට නියමිතව ඇත.
පළමු හා දෙවැනි 'රේස්' චිත්‍රපටවල ජනප්‍රිය නළුනිළියන් කිහිපදෙනෙකුම සම්බන්ධ වූ නමුත්, මෙවර 'රේස්' තුන්වැනි චිත්‍රපටය එවැනි ජනප්‍රිය තරු බොහොමයක් එක් කරගැනීමට බලාපොරොත්තු නොවන බව චිත්‍රපට අධ්යක්ෂ අබ්බාස් - මස්තාන් මාධ්‍යයට පවසා තිබේ. මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් කටයුතු මේ වසර අවසානයේදී සිදුකිරීමට බලාපොරොත්තු වන අතර, චිත්‍රපටය ලබන වසරේ නත්තල් මාසයේදී තිරගත කිරීමට සැලසුම් කර තිබෙන බවද චිත්‍රපට අධ්යක්ෂවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.