යාපන සරසවි සිසුවා බලන්න රෙජිනොල්ඩ් කුරේ යයි


යාපනය, විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කළ සිසුවා බැලීමට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා අද (17) ගියේය.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් අතර ඇති වු ගැටුමෙන් බරපතල තුවාල ලැබු සිසුවා යාපනය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර  සඳහා පෙරේදා (16) කොළඹ ජාතික රෝහලට මාරු කැරිණි.

කුරේ මහතා සිසුවාගේ මව්පියන් සමග ද සිසුවාගේ සෞඛ්‍ය තත්ත්වය සාකච්ජා කළේය.

සිසුහු 25 දෙනෙක් පමණ මේ ගැටුමෙන් තුවාල ලද සිවු දෙනෙක් යාපනය මූලික රෝහලට ඇතුළු කරනු ලැබූහ.

(1) (2)