ඉන්දියා ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ඕමාන් හරහා තුර්කියට ගිය ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් එරටින් පිටුවහල් කරනු ලැබ මෙරටට පැමිණ සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මොවුහු යාපනයේ පදිංචිකරුවෝ වෙති. මොවුන් දෙදෙනා යූරෝ දහස බැගින් තුර්කියේදී ගෙවන පොරොන්දුව මත අදාල ඉන්දියානු ගුවන් ගමන් බලපත් ඇතුළු ලියකියවිලි සකස් කරගෙන ඇති බව අනාවරණය වී තිබේ.