යූ.බී.විජේකෝන් සමුගනී


හිටපු ඇමැතිවරයකු හා පරිපාලන නිලධරයකු වූ යූ.බී.විජේකෝන් මහතා (79) මහනුවර මහ රෝහලේදී අභාවප්‍රාප්ත විය.

ගුරුවරයකු ප්‍රාදේශීය ආදායම් නිලධරයකු හා පෞද්ගලික අංශ විධායක නිලධරයකු වූ ඔහු දඹදෙණිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක ලෙසද කටයුතු කර ඇත.

ජේ.ආර්.ජයවර්ධන ජනපති සමයේ යාපනයේ දිසා ඇමැතිවරයා ද වූ ඔහු රාජ්‍ය පරිපාලන හා ස්වදේශ ඇමැති ලෙසත් පේෂ කර්මාන්ත ඇමැති ලෙසත් ක්‍රියා කළේය.

2003 දී ඔහු සෝවියට් දේශයේ තානාපතිවරයා ද විය.

වැලිමඩ නැදෝවිට උපන් විජේකෝන් මහතා වැලිමඩ මහ විදුහලෙන් පේරාදෙණිය සරසවියට ඇතුළත්ව උපාධිය දිනා ගත්තේය.

විජේකෝන් මහතාගේ ඉල්ලීම පරිදි සිරුර පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයට බාරදෙනු ලැබීය.