යෝෂිත එෆ්සීඅයිඩියේ : නාමල් ජනපති කොමිසමේ


හිටපු ජනපති පුත් හා නාවික හමුදා හිටපු ලුතිනන් යෝෂිත රාජපක්ෂ ප්‍රකාශයක් ලබාදීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට අද (10) පෙරවරුවේ පැමිණියේය.

දෙහිවල ඉදිකරගෙන යන නිවසක් සම්බන්ධයෙන් කටඋත්තරයක් දීමට ඔහු එහි පැමිණි බව දැනගන්නට ඇත.

ගුවන් හමුදා යානා අවභාවිතය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කටඋත්තරයක් දීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාද අද බරපතල දූෂණ හා වංචා විමර්ශන ජනපති කොමිසම හමුවේ පෙනී සිටියේය.