යෝෂිතගේ ආච්චි උසාවියේ


යෝෂිත රාජපක්ෂගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට් (82) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය විසින් බැඳුම්කරයක් මත අද (26) මුදා හැරියාය.

ගල්කිස්සේ ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඇය එෆ්සීඅයිඩියට නොපැමිණි බව එෆ්සීඅයිඩිය මීට පෙර අධිකරණයට දන්වා සිටි අතර ඇය අද උසාවියට පැමිණියාය.

නීතිඥවරුන් සමග අද (26) ඇය අධිකරණයේ පෙනී සිටියාය. නීතිඥවරුන් කියා සිටියේ ඇගේ සෞඛ්‍ය තත්ත්වය අනුව අගෝස්තු 31 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට හැකිවනු ඇති බවයි.