රංගනයෙන් අනාගතය දිග්විජය කිරීමට සැරසෙන කාවිංග


20160523Kavinda-1රංගන ශිල්පියෙකු ලෙස දිගු ගමනක් යාමට අපේක්ෂා කරන ඔහු මේ වනවිටත් වෙළෙඳ දැන්වීම් හා ටෙලිනාට්‍යය තුළින් ඔබ හමුවට පැමිණෙයි. ඔහු නමින් කාවිංග මදුසංඛය. ඔහුගේ රංගන ජීවිතයේ ආරම්භය පිළිබඳව අපත් සමග මෙසේ පැවසීය.

"මම රංගන ක්ෂේත්‍රයට පැමිණෙන්නෙ විශ්ව කොඩිකාර හරහා. ඔහුගෙ මගපෙන්වීමෙන් මහේන්ද්‍ර පෙරේරා මහතා යටතේ රංගනය හදාරනවා. එහිදී මට බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා. මම සිරස ඔස්සේ විකාශය වූ "ආදර සන්ධ්වනිය" කියන ටෙලි නාට්‍යයට දායක වෙන්න හැකියාව ලැබුණා. ඒ වගේම TV දෙරණහි "කොම්බි" කියන ටෙලිනාට්‍යයට දායක වෙන්න මට හැකියාව ලැබුණා. හිරු ටීවී හි "තෙවැනි ඇස" කියන වැඩසටහනටත් දායක වෙන්න හැකියාව ලැබුණා. ඒ වගේම ගීත රූප රචනා දෙකකට දායක වෙන්නත් මට හැකියාව ලැබුණා. දුමින්ද ලක්මාල්ගේ ගීතයක "යාළුවෝ", "පියවතී" ගීතවලට දායක වෙන්න හැකියාව ලැබුණා.

ඉදිරියෙදීත් මට ටෙලිනාට්‍යයවලටත්, ටීවී වෙළෙඳ දැන්වීම්වලටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒ දේවල් තෝරා බේරාගෙන සාර්ථක නිර්මාණවලට දායක වෙන්න මම උත්සාහ කරනවා. මම කලාවට කැමතියි. දෙයක් කරන කොට, ඒ ගැන ඉගෙන ගෙන එය සිදුකරනවානම්, මම හිතන්නෙ වඩා හොඳයි කියලා.

20160523Kavinda-2 20160523Kavinda-3 20160523Kavinda-4 20160523Kavinda-5 20160523Kavinda-6