රණවිරුවන්ට දාන සම්බාධක හෙලා දකිමි


(අංජුල මහික වීරරත්න)

මානව හිමිකම් චෝදනා ගැන කියමින් එක්සත් රාජධානිය පනවන සම්බාධක තරයේ හෙළාදකින බව පොදු ජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

"සම්බාධක මානව හිමිකම් ආරක්ෂා කරමින් එකීය රටක සමගියෙන් ජීවත් වන්නට තම ජීවිත පවා අභියෝගයට ලක්කරමින් කටයුතු කළ රණවිරූවාට පමණී. එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව කිසිදු සම්බාධකයක් නොමැත. මේ ත්‍රස්තවාදය වෙනුවෙන් ක්‍රියාත්මක වන විවිධ කණ්ඩායම් වල බලපෑම් වල ප්‍රතිඵලයකි.

මෙය යුක්තිය නොවන අතර අප ජාතියේ සංහිඳියාව අනතුරේ හෙලමින් අද අප භුක්ති විඳින නිදහස දැඩි හා සෘජු තීරණ වල ප්‍රථිපලයක් බව උතුරේ, දකුණේ ජනතාව තේරුම් ගත යුතුය යනුවෙන්ද නාමල් රාජපක්ෂ මහතා පවසයි.