රත්නපුර අධිවේගය ඉදිකිරීම මේ වසරේ ඇරැඹෙන ලකුණු


රත්නපුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මෙතැන් සිට වසරක් ඇතුළත ආරම්භ කිරීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී තීරණය කැරිණි.

අධිවේග මාර්ගය විවෘත කළ පසු  පැයකින් රත්නපුර සිට කොළඹට ළඟාවිය හැකි බවත් රත්නපුර කොළඹ බදුල්ල කළුතර දිස්ත‍්‍රික්කවල ජනතාවට සෘජුව ගමන් පහසුකම් ඇතිවන බවත් එහිදී විස්තර කෙරුණු අතර අධිවේග මාර්ගය කහතුඩුව සිට හොරණ, ඉංගිරිය, කිරිඇල්ල, කුරුවිට, රත්නපුර, පැලමඩුල්ල ආදී පෙදෙස් හරහා ඉදිකිරීමට යෝජිතය.

rathnapura2016429