රතුගල ආදිවාසි නායකයාට පහර දුන්නැයි ස්ථාන මාරු


රතුගල ආදිවාසි නායක සුදා වන්නිඇත්තන්ට පහර දුන්නැයි කියන සිද්ධියේ පරික්ෂණ අවසන් වනතුරු රත්මල්ගහවැව පොලිස් මුර පොළේ ස්ථානාධිපති ඇතුළු තිදෙනෙක් අම්පාර මුලස්ථාන පොලිසියට මාරු කර  බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි එල්.ඩී.ආර්.රණවිර මහතා පරික්ෂණ පවත්වයි.