රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ ගම්වාසීන්ට යුද හමුදාව ලවා වෙඩි තබා වසර තුනක් පිරීම නිමිත්තෙන් ගම්වාසීන් පිරිසක් විසින් පැවැත්වීමට තිබූ උද්ඝෝෂණය සංවිධානය කර ගැනීමට නොහැකි වන සේ මල්වතුහිරිපිටිය පොලිසියෙන් යොදවා ඇතැයි ගම්මු චෝදනා කරති.
2014 වසරේ සහ 2015 වසරේ ජූලි 31 සහ අගෝස්තු පළමු වැනිදා ද මෙවැනි විරෝධතා පැවැත්වූ බව ගම්මු පවසති.
රතුපස්වල ගැටුළුවේදී මල්වතුහිරිටිපිට පොලිසිය දිගින් දිගටම ගම්වාසීන්ට එරෙහිව කටයුතු කළ බවත්, ගම්මුන්ට විරුද්ධව පැවරූ බව කියන ව්‍යාජ නඩු ඉවත් කරන ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනපති දුන් උපදෙස් පවා නොසලකා හැර ඇති බවත් ඔවුහු කියති.
පෙරදින රාත්‍රී රතුපස්වල තැනින් තැන පොලිසියෙන් යොදවා තිබිණි. රතුපස්වල වෙඩි තැබූවන් සහ ඊට අණදුන්නන් අත්අඩංගුවට නොගන්නා පොලිසිය දිගින් දිගටම ගම්වාසීන්ට බාධා කරතියි ගම්මු චෝදනා කරති.