මේ වසරේ දෙසැම්බර් 09 වැනිදා තිරගත වීමට නියමිත ආදිත්‍ය චොප්රාගේ "බේපික්රේ" චිත්‍රපටය පිළිබඳව මේ දිනවල බොලිවුඩය තුළ උණුසුම් කතා බහක් ඇතිව තිබෙනවා.
එයට හේතුව නම් මෙම චිත්‍රපටය පුරාවට ජනප්‍රිය සිනමා නළු රන්වීර් සිං හා නවක නිළි වානි කපූර් දෙදෙනා පෙනි සිටින දෙතොල් සිපගන්නා දර්ශන ප්‍රමාණය වෙනත් චිත්‍රපටවලට වඩා වැඩිව තිබීමයි.
මෙම චිත්‍රපටය පුරාවට ඔවුන් දෙදෙනා දෙතොල් සිපගන්නා දර්ශන 23ක් සඳහා පෙනී සිටින අතර, එය එදා මෙදා තුර බොලිවුඩයේ තිරගත වූ චිත්‍රපටයක (වැඩිහිටියන්ට පමණක් සීමා නොවූ) වැඩිම දෙතොල් සිපගන්නා දර්ශන ප්‍රමාණයක් ඇතුළත් චිත්‍රපටය ලෙස සිනමා ඉතිහාසයට එක් වෙනවා.
මෙම චිත්‍රපටයේ සියලු රූපගත කිරීම් කටයුතු ප්‍රංශයේ පැරිස් නගරයේදී සිදුකර ඇති අතර, දර්ශන කිහිපයක් පමණක් මුම්බායිහි %මෙහෙබුබා^ කලාගාරයේදී සිදුකර තිබෙනවා.