රනිල් ඩයස්පෝරා සමුළුවට


සිංගප්පූරුවේ පැවැත්වෙන දකුණු ආසියා ඩයස් පෝරා සංසදයේ තුන්වැනි සමුළුවට ප්‍රධාන ආරාධිතයා වශයෙන්  සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා (17) වැනි දා සිංගප්පූරුව බලා යෑමට නියමිතය.

සැසිවාරය ලබන 18,19 යන දිනවල සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතය. මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා එරට ජනාධිපති ටෝනි ටැන් කෙං යැම් සහ එරට අග්‍රාමාත්‍ය ලී ෂියැන් ලුං හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

වික්‍රමසිංහ මහතා විසින්  එහි ප්‍රධාන දේශනය සිදු කිරීමට ද අපේක්ෂිතය. විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ද සැසිවාරය ඇමතීමට නියමිතය.

කලාපිය වෙළඳාම, ආර්ථිකය සහ ප්‍රතිපත්ති පිළිබඳවත් අනාගත අභියෝග පිළිබඳවත් සාකච්ඡා කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම සැසිවාරය සඳහා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ඇතුළු කලාපයේ දේශපාලන, ව්‍යාපාරික, අධ්‍යාපන සහ සිවිල් සංවිධාන නායකයින් සහභාගී වන බව වාර්තා වේ.