හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතනයට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින සැකකරුවන් සිව්දෙනා අප්‍රේල් 06 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තැබීමට අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
රජයේ සාක්කිකාර මනම්පේරිගේ සම්පත් ප්‍රීතිවිරාජ්, ප්‍රසාද් චන්දන කුමාර නොහොත් සම්පත්, වැලිවලගෙදර ගාමිණී සෙනෙවිරත්න, කංකානම්ලාගේ ප්‍රදීප් චාමින්ද නෙහොත් වජිර යන අය එසේ යළි රිමාන්ඩ් කැරිණි.
මෙම සැකකරුවන් හට මහාධීකරණ අධි චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් කරුණු පවතින බවට මීට පෙර අතිරේක මහේස්ත්‍රාත් විසින් ලඝු නොවන නඩු විභාගය අවසන් කරමින් කියා සිටියේය.