රවීට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට


මුදල් ඇමැති රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන අද (9) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

විශ්වාසභංග යෝජනාව බදාදා (8) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් පාර්ලිමේන්තු සභා ගැබේ මෛක්‍රෆෝනවල ඇතිවූ දෝෂයක් හේතුවෙන් එය අදට කල් දැමිණි.