රස්නේ දැනෙන්නේ පළාත් සභා පාසලට පමණක්ලු


අධික රස්නය නිසා අද (02) සිට යළි දන්වන තුරු උතුරු මැද පළාත් සභා පාසල් දවල් 12 ට වැසීමේ තීරණය ජාතික පාසල් වලට බල නොපාන බව පළාත් අධ්‍යාපන ලේකම් ඩබ්ලිව්.ටී. අනෝමා මානෙල් මහත්මිය කියයි.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්ගෙන් විමසීමක් කළත් ඒ සඳහා අවසරයක් නොලැබුණු බව ඇය පවසයි.

උතුරු මැද ජාතික පාසල් විදුහල්පතිවරයෙකු පැවසූයේ ජාතික  පාසල්වල ළමුන්ටත් රස්නය දැනෙන බවයි.