රාජපක්ෂ රාජපක්ෂගේ කාරයේ දොර අරී


අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ පුතාගේ මංගල සාදය සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. ආරාධිතයන් අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ද විය.

නව යුවළට සුබ පතා විජයදාස රාජපක්ෂගෙන් ද මහින්ද සමුගත්තේය.

ඇමැති රාජපක්ෂ ඔහු සමග ගියේය. ඔහුගේ කාරයේ දොර ඇරියේය. ඔහු කාරයේ වාඩිවූ පසු දොරද වැසුවේය. දොර වසා ඔහුට යළිත් සුබ පැතීය. දකුණේ සම්ප්‍රදාය එයයි. එය චිරාගත සම්ප්‍රදායකි. ගෙදරට / මඟුල් ගෙදරට එන අමුත්තනට  සලකන්නේ එලෙසිනි. එසේ කිරිමෙන් කිසිම මදි පුංචි කමක් ඇති නොවේ.

පුතාගේ දෙවැනි ගමනේ සාදය කොළඹ හිල්ටන් හෝටලයේ පැවැත්විණි.