රාධිකාට සිනමාවේ තියෙන තැන


20160512Radhika-1තවමත් බොලිවුඩ් හා කොලිවුඩ් චිත්‍රපට අතලොස්සක රඟපා ඇති රාධිකා අප්තේ ඉන්දීය ප්‍රකට පිරිමි සඟරාවක් වන "FHM" සඟරාවේ මැයි මාස කලාපයේ මුල් කවරය සරසා තිබෙන්නීය. ඇය මෙසේ මෙම කවරය සඳහා තෝරා ගෙන ඇත්ත් ඉදිරියේදී ඇය පෙනී සිටින "ද කෝලින්ග්" හොලිවුඩ් චිත්‍රපටය මුල් කරගෙන බව සඳහන් වේ.

මේ වනවිට බොලිවුඩ් හා කොලිවුඩ් චිත්‍රපට කිහිපයකම පෙනී සිටින රාධිකා දකුණු ඉන්දීය සුපිරි වීරයා වූ රාජිණිකාන්ත් සමගින් ප්‍රධාන චරිත මවන "කාබිල්" චිත්‍රපටයේද රංගනයේ යෙදෙයි. එමෙන්ම ඇය මේ වසරේදී බොලිවුඩ් චිත්‍රපට පහක් සහ කොලිවුඩ් චිත්‍රපට තුනකින්ද සිය සිනමා ප්‍රේක්ෂයන් මුණ ගැසීමට සූදානමින් සිටියි. මුදල් උපයා ගැනීම අතින් අතිසාර්ථක වූ "බද්ලාපූර්" හා "හන්ටර්ර්ර්" චිත්‍රපටයෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලැබූ රාධිකා අප්තේ ඉන්දියාවේ සිටින සරාගී නිළියන් අතරේද ඉදිරියෙන්ම පසුවන්නියකි.