ශුද්ධ වූ රාමදාන් මාසයේ දී නිරෝගීව සිටීම සඳහා ජනතාවට උපදෙස් ලබාදීම සඳහාම වෙන්වූ වෙබ් අඩවියක් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය සේවා සංනිවේදන කමිටුව පියවර ගෙන තිබේ. කටාර්හි මෙවැනි වෙබ් අඩවියක් ස්ථාපිත කර ඇත්තේ පළමු වතාවටය.
මෙම වෙබ් අඩවිය දියත් කිරීමේ අවස්ථාවට එක්වූ හමාඞ් වෛද්‍ය සංස්ථාවේ ප්‍රධාන සංනිවේදන නිලධාරී සහ සෞඛ්‍ය සේවා සංනිවේදන කමිටුවේ ප්‍රධානි අලි අල් කාටර්, රාමදාන් සමයේ දී පොදු සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් වන තොරතුරු වර්ධනය කිරීමට මෙන්ම නිරෝගීව සිටීමට අවශ්‍ය උපදෙස් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය, හමාඞ් වෛද්‍ය සංස්ථාව සහ මූලික සෞඛ්යාරාක්ෂණ සංස්ථාව එකට එක්ව සිය ඒකාබද්ධ විශේෂඥභාවය සහ දැනුම උපයෝගී කරගැනීමට බලාපොරොත්තු වන බව පැවැසීය.
“උපවාසය කරන විට දී දියවැඩියාව පාලනය කරගන්නා ආකාරය, ඔබේ සජලතාවය තහවුරු කරගැනීම, නිරෝගීව ආහාර ගන්නා ආකාරය ගැන මෙන්ම තවත් මාතෘකා බොහෝමයක් ගැන තොරතුරු මෙම වෙබ් අඩවියෙන් ඔබට ලබාගැනීමට පුළුවන්” “ශුද්ධ වූ රාමදාන් මාසය පුරාම එය නිරන්තරයෙන්ම යාවත්කාලීන කරනවා. ඒ වගේම අපි මෙය අපේ සමාජජාල නාළිකාවන් හරහා ද බෙදා හදා ගන්නවා. ඔබට අවශ්‍ය කරන වැදගත් තොරතුරු ඉන් ලබාගැනීමට හැකිවේවි කියලා මම විශ්වාස කරනවා”
සෞඛ්‍ය සේවා සංනිවේදන කමිටුවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය, සංනිවේදන සහ මහජන සබඳතා දෙපාර්තමේන්තුව, හමාඞ් වෛද්‍ය සංස්ථාව සහ මූලික සෞඛ්‍ය සේවා සංස්ථාව නියෝජනය කරන සාමාජිකයන් ඇතුළත් වෙයි.