රාමායනයට ජිවය දෙන්නේ භාරතයේ පිරිසක් එති


(ටී.කේ.ජී.කපිල)

ඉන්දීය ජාතික සංචාරකයෝ පිරිසක් ඉපැරැණි පුරාවෘත්තයක් වන රාමායණය ග්‍රන්ථයේ සදහන් ස්ථාන නැරඹීම සදහා  අද දහවල් දිවයිනට පැමිණියහ .

මෙම සංචාරකයන්ට නායකත්වය දේශ මන්ගයාර්කරසි මහතා විසින් හොඹවනු ලැබීය .

මෙම ඉන්දීය සංචාරකයන් පිරිස රාමායණයේ සදහන් ස්ථානවලට අමතරව ශ්‍රී ලංකාවේ පිහිටි හින්දු ආගමික ස්ථාන ද නැරඹීමට නියමිතය .

ඉදිරි මාස 06 ක කාළය තුළ මෙවැනි ඉන්දීය සංචාරකයන් 800 ක් පමණ පිරිසක් කණ්ඩායම් වශයෙන් ශ්‍රී ලංකාවේ මෙම ස්ථාන නැරඹීම සදහා පැමිණීමට නියමිත බැව් මෙම සංචාරක කටයුතු සංවිධායක කමිටුවේ ලිටෝන් ප්‍රනාන්දු මහතා පැවසීය .

මෙම වැඩසටහන සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ මග පෙන්වීම මත සහ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සහයෝගිතාවය වර්ධනය කිරීම සදහා සංවිධානය කර තිබේ .