රැප් කියන්නේ මට හොඳ ආර්ට් එකක්


2016-08-04-ent-36

රැප් සංගීතයට ජාත්‍යන්තරයේ විශාල රසික පිරිසකගේ අවධානය යොමු වුවත් ලංකාවේ නම් රැප් සංගීතයට ඇත්තේ අඩු ප්‍රේක්ෂක අවධානයකි. එහෙත්, රැප් සංගීතයට ලංකාවේ තැනක් හිමි කරදීමටත් එය ජාත්‍යන්තරයට ගෙන යාමටත් උත්සාහ දරන තරුණ රැප් ගායකයෙකුට මෙවර "සාරවිට" අපි ඉඩක් වෙන් කරන්නට බලාපොරොත්තු වුණෙමු. ඔහු නමින් චැම්ප් Zය. ලංකාවේ වර්තමානය බිහිව ඇති රැප් ගායකයන් අතරේ ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඔහු ඉදිරියේදී වෙනස්ම ආරේ ගීත කිහිපයක්ද නිර්මාණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි.

 

රැප් ගායකයෙක් වෙන්න හිතුවේ ඇයි?

2016-08-04-ent-38පොඩි කාලෙ ඉඳලාම මම රැප් හා හිප්හොප් මියුසික් වලට කැමතියි. ඉතින් ඒ පොසිෂන් එක තමයි මාව රැප්ර් කෙනෙක් කළේ. මුලින්ම මම මියුසික් ෆීල්ඩ් එකට ආවේ "Your Love" කියන ට්‍රැක් එකෙන්. ඒක රිලීස් කළේ 2012 අවුරුද්දේ මැයි වල වගේ. 2014 සැප්තැම්බර් වල තමයි ඒ ගීතයට මියුසික් වීඩියෝවක් කළේ.

 

දැනට එළිදක්වා තියෙන ගීත පිළිබඳ කතා කළොත්?

මේ වන විට ට්‍රැක් 5ක් විතර මම රිලීස් කරලා තියෙනවා. ඒ අතර ඉන්ටර්නැෂනල් කලබේෂන්ස් 3ක් තියෙනවා. "Your Love", "This is life", "Greedy Street ( Sri Lanka - U.K)", "Never been nothing for real talk (Sri Lanka - Tanzania )", "This struggle is real ( Sri Lanka, U.S.A -Tanzania)".

 

ඔබගේ නව නිර්මාණ?

මම දැනට රැප් ගායකයෙකුට අමතරව සීගර් කෙනෙකු විදිහටත් වැඩ කරනවා. මගේ අලුත්ම ගීතය තමයි "පෙර සංසාරේ". ඉමොර්ටන් ප්‍රඩක්ෂන් තමයි මේ ට්‍රැක් එක කළේ. සීගර් කෙනෙක් විදිහට කරපු පළමු වැනි ගීතය තමයි මේක. මම හිතනවා ඉදිරියට මගේ සංගීතය දිවියේ ලොකු වෙනසක් මේ හරහා වේවි කියලා. මොකද, "පෙර සාසරේ" ගීතයට හොඳ රසික ප්‍රතිචාර මේ වනවිට ලැබෙමින් පවතින නිසා. ඒ හින්දා ඉතා ඉක්මනින් මේ ගීතයට මියුසික් වීඩියෝවක් කරන්නත් මම දැන් ප්ලෑන් කරමින් ඉන්නවා.

 

රැප් ගායකයෙකු වෙන්න හිතුවේ ඇයි?

මොකද, මම පොඩි කාලේ ඉඳලා රැප් මියුසික් ඇන්ඩ් හිප්හොප් මියුසික් අහලා තිබුණා. පාසලේ 9 වැනි වසරේ වගේ තමයි මම යාළුවෝ ඉස්සරහා රැප් කරන්න පටන් ගත්තේ. ඒ කාලේ ඉඳලා මම තනියම මගේම ශෛලියකට රැප් ගීත ගායනා කරන්න පටන් ගත්තා. මගේ රැප් ශෛලිය ගොඩක් වෙනස් කියලා ගොඩදෙනෙක් කියනවා. ඒ වගේම ඒ වැඩේට මට හොඳ ටැලෙන්ට් එකක් තියෙනවා කියලත් කියනවා. ඇත්තටම රැප් කියන්නේ මට හොඳ ආර්ට් එකක්.

 

ලංකාවේ රැප්, හිප්හොප් සංගීතය ගැන මොකද හිතෙන්නේ?

ලංකාවේ ඇත්තටම රැප්, හිප්හොප් මියුසික් වලට තව හොඳ ඉඩක් පිළිගැනීමක් තියෙන්න ඕනා. මීඩියා වුණොත් ඒකට තැනක් දෙන්න ඕනා. මොකද දැන් ලංකාවේ රැප් කියනදේ ඉස්සර කොළඹට විතරක් සීමා වෙලා තිබුණේ. නමුත් දැන් ගම්පළාත් වලටත් මේ රැප් සංගීතය කියන දේ ගිහින් තියෙනවා. ඒක හොඳ දෙයක්. රැප් කරන භාෂාව මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක ගැන හරියට ස්ටඩිස් කරලා රැල්ලට නොයා කරන දේ හරියට කළ යුතුයි. ඒක මොකක් හරි හොඳ තේරුමක් තියෙන සහ ඕනෑම සමාජ මට්ටමකට හරියට ගැළපෙන දෙයක් වුණොත් තමා වඩාත් සුදුසු වන්නේ. හිප්හොප් කියන කල්චර් එක අපේ නෙමේ වුණාට ඒක ලයිෆ් ස්ටයිල් එකට ප්‍රශ්නයක් නැහැ. මොකද, මේ වන විට ඒක ලෝකේ බහුතරයක් රටවල් ෆැෂන් එකක් වෙලා තියෙන්නේ. ඉතින් ඉස්සරහාට රැප් මියුසික් වලට හොඳ තැනක් ලැබේවි කියලා මම හිතනවා.

 

උදවු කළ අය?

ස්පෙෂිලි මගේ වයිෆ් ක්‍රිස්ටියන්.මොකද, මගේ මියුසික් වලට මට ලොකු සපෝර්ට් එකක් දෙනවා. ප්‍රතාප් රාජිත, සුපිපි පෙරේරා, ශලින්ද්‍ර ද සිල්වා. මගේ කසින් බ්‍රදර් ටිරෝන් සැන්ටිගෝ. අපේ ප්‍රඩක්ෂන් වීඩියෝ ක්‍රෝ එක. එකේ ඩිරේක්ටර් චරිත විතානගේ. නිශාන්ත ඩයස්, චින්තක මලිත්, ප්‍රියාල් දසනායක ඇතුළු නම් කියූ නොකියූ මගේ මිතුරු මිතුරියන් හැම දෙනාටම මේ වෙලාවේදී තෑන්ක්ස් කරනවා.



 

2016-08-04-ent-39
2016-08-04-ent-37