මේ දිනවල ජනප්‍රිය ටෙලිනාට්‍යය කිහිපයකින්ම ඔබ දකින රුක්ෂානා දිසානායක වර්තමානයේ සිනමා නිළියක ලෙස කාර්යබහුල වී සිටින්නීය. සිරස රූපවාහිනි නාළිකාවේ විකාශය වන "උතුම් පැතුම්" ටෙලි නාට්‍යයේ %නෙතු^ ලෙසත්, "ආදරේ ගින්දරක්" ටෙලි නාට්‍යයේ "ගීතිකා" ලෙසත් මේ දිනවල චරිතවලට පණපොවන ඇය ජුනි මසයේදී ප්‍රදර්ශනයට නියමිත හර්ෂ උඩකන්දගේ "උලත් එකයි පිළත් එකයි" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් තුළින්ද ඔබ හමුවීමට සූදානමින් සිටින්නීය.
"මේ දවස්වල වී. සීවදාසන් මහත්මයාගේ අලුත්ම චිත්‍රපටයක වැඩ කරනවා. වර්ෂාව නිසා රූපගත කිරීම් කටයුතු අතරමග නතර කරලා තිබුණත් බොහෝදුරට එම චිත්‍රපටයේ වැඩකටයුතු අවසන් වෙලා තියෙනවා. මේ චිත්‍රපටයට අමතරව බෝධිනායක මහත්මයාගේ තවත් චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා ලැබිලා තියෙනවා. දැනට ඒ චිත්‍රපටය ස්ථිර වෙලා තියෙන නිසා ඉදිරි කාලයේදී එහි රූපගත කිරීම් කටයුතු සඳහාත් සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගේ පළමු චිත්‍රපට රංගනය ඇතුළත් "උලත් එකයි පිළත් එකයි" චිත්‍රපටය තිරගත වෙන්න නියමිත වෙලා තියෙනවා. ඉතින් ඒ වැඩ කටයුතු එක්ක තමයි මම මේ දිනවල කාලය ගෙවන්නේ."