'රිදම් ෆ්ලෑෂ්' සංගීත කණ්ඩායමේ නියාමක ගායන ශිල්පියෙකු ලෙස මීට වසර 10කට පෙර සංගීත ක්ෂේත්රයට එක්වූ රුවින් සඳපහන් මේ වනවිට ඉතාලියේ රැකියාවක නිරතව සිටියි. එහෙත්, තවමත් නිරන්තරයෙන්ම සිය සංගීත කටයුතු සිදුකරමින් සිටින ඔහු පසුගියදා සිය අලුත්ම ගීතය වූ 'වේදනා නෑ' නම්න් එළිදක්වනු ලැබීය.
"ගීත පහකට වඩා වැඩි ප්රමාණයකට මම දැන් දායක වෙලා තියෙනවා. ක්ෂේත්රයට ආවේ 'මගේ දෑස' කියන ගීතය ගායනා කරමින්. මේ ගීතය සංගීතවත් කළේ චතුරංග ගමගේ. ලිව්වේ ක්රිෂාන් සංජිව. දෙවැනි ගීතය තමයි 'වෙන්වී යන්නද' කියන ගීතය. සංගීතය නිර්මාණය කළේ දමිත අයෝධ්ය. ලිව්වේ ඩිලංක ගයාන්. මගේ තුන්වැනි ගීතය මව් ගුණ ගීතයක්. 'කඳුළට රහසින්' තමයි ගීතයේ නම. ඒ ගීතයේ සංගීතය නිර්මාණය කළෙත් දමිත. ලිව්වේ ප්රසන්න කුමාර දම්මලගේ. සිවුවැනි ගීතය පියගුණ ගීතයක්. 'මගේ තාත්තා' තමයි ඒ ගීතයේ නම. සඳරුවන් ජයසිංහ තමයි සංගීතවත් කළේ. ගීතය ලිව්වේ ප්රසන්න කුමාර දම්මලගේ. අන්තිමට කරපු ගීතය 'වේදනා නෑ' ගීතය සංගීතය නිර්මාණය කළේ තිවංක පින්නවල. පද රචනය අයෝධ්ය ෆර්නැන්ඩෝ.
'වේදනා නෑ' ගීතය එළිදක්වලා තාම ලොකු කාලයක් නැහැ. ඒ නිසා ඒ ගීතය තව කාලයක් රසවිඳින්න මම මගේ රසික, රසිකාවියන්ට අවස්ථාව ලබා දෙනවා. ඒ ගීතයෙන් පස්සේ අලුත් වැඩ කිහිපයකටම හිත යොමු කරන්න අදස් කරමින් ඉන්නවා. මම දැනට ඉතාලියේ ඉන්නේ. ඉතාලි භාෂාවෙන් ගීතයක් නිර්මාණ කරලා ඉතාලියේ ඉන්න සංගීතලෝලීන්ට ශ්රවණය කරන්නට අවස්ථාවක් දෙන්න හිතාගෙන ඉන්නවා. දැනට ඒ ගීතය පිළිබඳව ඉතාලියේ සංගීත ශිල්පින් කිහිප දෙනෙකුම සාකච්ඡා කරමින් ඉන්නවා."