රුසියානු ගුවන් කුරුල්ලා මත්තලට


(සුජිත් හේවාජුලිගේ )

සංචාරකයන් 412 දෙනෙකු රැගත් බෝයිං 777 වර්ගයට අයත් “රෙඩ් වින්ග්” (Red Wing) රුසියානු ගුවන් යානය අද පෙරවරු 9.00ට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණියේය.

මොස්කව් නුවර සිට පැමිණි   මෙම ගුවන් යානය රුසියාවේ අවුරුදු 23 ක් පැරණි ගුවන් සමාගමක් වන “ Red Wing ” සමාගමට අයත් එකකි.

මෙම ගුවන් යානය අද සිට සතියට ගුවන් ගමන් වාර දෙකක් මොස්කව් සහ මත්තල අතර පියාසර කිරිමට නියමිතව ඇති බව ගුවන්තොටුපොළ  කළමණාකරු පැවසීය